17 September 2025

logo

අක්මා සහ කර්ණශංඛ සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර



රාගම ශික්ෂණ රෝහලේ සිදු කරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ උතුරු කොළඹ මහ රෝහලේ සිදු කරනු ලබන වයස අවුරුදු 16ට අඩු කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා, මෙය ලබා දීමට කටයුතු කර තිබෙන බවයි.

ජනාධිපති අරමුදලින් වෛද්‍ය ආධාර ඉල්ලුම් කිරීමේදී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් 1000,000ක මුදලක්, උපරිමයකට යටත්ව ලබා දෙනවා.

දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා වැය වන රුපියල් ලක්ෂ 6ක මුදල ජනාධිපති අරමුදලෙන් ලබා දීම සඳහා ජනාධිපති අනුමැතිය ලබා දී තිබෙනවා.
 
(colombotimes.lk)