colombotimes.lk
සිංහල | English

06 May 2024

ජනපති ඇරඹු ගාසා ළමා අරමුදලට තවත් මුදල් ලැබෙයි



ගාසාහි ගැටුම්වලින් විපතට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කළ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා පරිත්‍යාග කිහිපයක් ලැබී තිබෙනවා.

එම මූල්‍ය පරිත්‍යාග ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාර දීම අද (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

ඒ අනුව කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000ක මුදලක්ද, සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, ස්පෝට්ස් ෆස්ට් පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

මෙහි පළමු අදියර යටතේ අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින්   මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු පසුගියදා ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත බාර දෙනු ලැබුවා.

එමෙන්ම මෙම අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි විශාල මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් බාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසනවා.

(colombotimes.lk)