30 January 2026

logo

රන් මිල පහළට



ලෝක වෙළඳපොළේ රන් මිල පහළයාමත් සමඟ මෙරට රන් මිල ගණන් ද රුපියල් 20,000කින් පහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළේ 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 368,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
රන් පවුමක මිල ඊයේ (29) සටහන් වුණේ රුපියල් 386,400ක් ලෙසයි. 

එමෙන්ම ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 400,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)