25 April 2025


රන් මිල තවත් පහළට



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (25) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 1,006,460ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (24) සටහන් වුණේ රුපියල් 1,008,014ක් ලෙසයි.

 එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 260,450ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,560ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,510ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)