02 August 2025

logo

රන් මිල අඩුවෙයි



මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය ඊයේ (19) දිනයට සාපේක්ෂව අද (20) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 965,813ක් ලෙසයි.

එය ඊයේ (19) රුපියල් 969,108ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 249,500ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,190ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල්  34,020ක් දක්වා අඩුවී තිබෙනවා.
 
(colombotimes.lk)