02 June 2025


රන් මිල ඉහළට



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (26) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,005,827ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය පසුගිය 23වනදා සටහන් වුණේ රුපියල්  988,072ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 260,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල්  32,530ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,480ක් ලෙස සටහන් වුණා.
 
(colombotimes.lk)