Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව එම ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඒ Starlink සමාගම විසින් සිය X ගිණුමේ සටහනක් තබමින්.
Starlink උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර ඇති අතර Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයන් ලෙස 12දෙනෙක් තෝරාගෙන පසුගියදා සේවාව ක්‍රියාත්මක කර තිබුණා.
ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රුපියල් 15,000ක් වන අතර අවශ්‍ය උපකරණ සඳහා රුපියල් 118,000ක මුදලක් දැරීමට සිදුවනවා.
මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවනවා.
(colombotimes.lk)