ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම හා ධීවරයාගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම සඳහා අත්වැලක්වීමේ අරමුණින්.
ධීවර කර්මාන්තයේ නිරත ධීවර ප්‍රජාවට එම රැකියාවේ පවතින අවධානම් සහගත ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ ජීවිතයවලට සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතිනවා.
කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ නව රජය විසින් අනතුරු ආවරණය කර ධීවර කාර්මිකයා එම කර්මාන්තයේ පූර්ණ කාලීනව නිරත කරවීම සඳහා මෙම රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදී ඇති බවයි.
1990 අංක 23 දරණ ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත මඟින් ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මණ්ඩලයට පවරා ඇති නෛතික බලතල යටතේ ධීවර ප්‍රජාව සඳහා වාර්ෂිකව සක්‍රීය කළ හැකි පරිදි මෙම හදිසි අනතුරු රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර තිබෙනවා.
(colombotimes.lk)