01 July 2025

logo

මදුරු මර්දන සතියේ පරික්ෂාවට ලක් කළ ස්ථාන ගණන ගැන දැනුම්දෙයි



දිස්ත්‍රික්ක කිහිපයක් මුල් කරගනිමින් මේ වන විට ආරම්භ කර ඇති ජාතික මදුරු මර්දන සතිය නිමිත්තෙන් සිදු කළ විශේෂ පරීක්ෂාව අනුව අද (01) ස්ථාන 22,294ක් පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර සඳහන් කළේ එහිදී මදුරුවන් බෝ විය හැකි ස්ථාන 4,965ක් හඳුනාගෙන ඇති බවත් මදුරු කීටයන් සහිත ස්ථාන 657ක් හඳුනාගෙන ඉන් 553දෙනෙක්ට රතු නිවේදන නිකුත් කළ බවයි.
 
එමෙන්ම 153දෙනෙක්ට නඩු පැවරීමට පියවර ගත් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා. 

ඇය වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (30) සහ අද (01) ස්ථාන 48,354ක් පරීක්ෂාවට ලක් කළ බවත් එයින් මදුරු කීටයින් බෝ විය හැකි ස්ථාන 10,591ක් හඳුනාගත් බවයි. 


(colombotimes.lk)