මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ එම මුදල වී මිලදී ගැනීම සඳහා රජයක් වෙන්කළ වැඩිම මුදල වන බවයි.
ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙක්ට ඉදිරියේදී වී තොග එක්රැස් කිරීමට හැකියාව නොලැබෙන බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)