09 August 2025

logo

ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුපට වන දේ විජිත කියයි



ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු කියා සිටියේ චක්‍ර ලේඛයේ සඳහන් පරිදි අදාළ වැටුප් වැඩි කීරීම සිදු කරන බවයි.

එමෙන්ම හිඟ රුපියල්. 5,000 දීමනාවද ලබන ජනවාරි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ගේ වැපුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තද භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවාද නැත්ද යන්න ඔහු විමසා බැලූ අවස්ථාවේදී නොතිබූ බව අමාත්‍යවරයා කියා සිටියා.

(colombotimes.lk)