colombotimes.lk
සිංහල | English

18 October 2024


ඇමරිකාවේදී උපාධිය ගත්තොත් ට්‍රම්ප්ගෙන් ග්‍රීන්කාඩ්



මෙවර ජනාධිපතිවරණයෙන් තමන් ජය ගැනීමෙන් පසු සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බවට හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමරිකාවේ අධ්‍යපනය ලබා උපාධිය සම්පූර්ණ කළ විදේශීය සිසුන්ට ග්‍රීන් කාඩ් මඟින් එරට ස්ථීර පදිංචිය ලබා දෙන බවට ඔහු පොරොන්දු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ක්‍රමවේදය මඟින් ඉන්දීය සහ චීන සිසුන් නැවත සිය රටවලට යාම පාලනය කිරීම ඔහුගේ බලාපොරොත්තුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)