16 October 2025

logo

සම්ප්‍රධායික නොවන අපනයනවල වර්ධනයක්



සම්ප්‍රදායික නොවන අපනයනවල සීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
 
එහි සභාපති මංගල විජේසිංහ සදහන් කළේ පසුගිය මාස 8 තුළ එම අපනයනවල  8% ක වර්ධනයක් වාර්තා වී ඇති බවයි.

සම්ප්‍රදායික නොවන අපනයනවලින් මාසිකව රුපියල් මිලියන 800ක ආදායමක් ලැබෙන බවද ඔහු සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වසරේ මුල් මාස 08 තුළ රුපියල් බිලියන 11.8ක ආදායමක් උපයා ඇති බවයි. 

මෙරට අපනයන ප්‍රවර්ධනය සඳහා woge 2025 නමින් කොළඹදී ප්‍රදර්ශනයක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බව සභාපතිවරයා කියා සිටියා. 

(colombotimes.lk)