19 September 2025

logo

හරාරේ ගින්නෙන් තරග වලට බාධාවක් නෑ (VIDEOS)



පසුගිය අඟහරුවාදා (20) රාත්‍රියේ සිම්බාබ්වේ හි හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගින්නක් හට ගත්තා. 

මෙම ගින්න නිසා එම ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ඉදිරි තරගවලට බලපෑමක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
පසුගිය අඟහරුවාදා සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගය නිමා වීමෙන් පසු මෙම ගින්න හටගෙන තිබෙනවා. 
 
ගින්න ආසන්න වශයෙන් පැය 6 ක පමණ කාලයක් පැවතී තිබුණ බව සඳහන්. 
 
ඊයේ ICC විශේෂ කණ්ඩායමක් විසින් ක්‍රීඩාංගණය පරීක්ෂා කර ඇති අතර ගින්නෙන් ක්‍රීඩාංගණයට කිසිදු හානියක් සිදු වී නොමැති බව තහවුරු කර තිබෙනවා.
(colombotimes.lk)