19 April 2025


රජය ගත් පියවරක් ගැන හර්ෂ අවංකව සතුටු වෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දඹුල්ල කෘෂි ගබඩාව විවෘත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය Facebook ගිණුමේ සටහනක් පළ කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ දඹුල්ලේ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය විවෘත කිරීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බවයි.

මෙය විවෘත කිරීම සම්බන්ධව තමන් අවංකව සතුටට පත්වන බවද එම සටහනේ වැඩිදුරටත් සඳහන්.




(colombotimes.lk)