03 June 2025


පළාත් පාලන ආයතන 161ක් සඳහා ප්‍රධානීන් පත් කරයි



2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී තනි පක්ෂයක් විසින් බහුතර බලයක් ලබාගත් පළාත් පාලන ආයතන 161ක ප්‍රධානීන් ගැසට් කර තිබෙනවා.

ඒ අනුව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161ට අදාළව සභා පිහිටුවීම හෙට දිනයේදී සිදුකළ හැකි බවයි වාර්තා වන්නේ.
 
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ පැහැදිලි බහුතරයක් නොමැති ආයතන 178ක් සඳහා ප්‍රධානීන් තෝරා පත්කර ගැනීමට පළාත් පාලන කොමසාරිස්වරුන්ට බලය පවරා ඇති බවයි.

ඒ අනුව එම ආයතන 178 වෙනුවෙන් පත්කරන ප්‍රධානීන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරියේදී පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)