colombotimes.lk
සිංහල | English

26 April 2024

අපි Selfie වලට ඇබ්බැහි වෙන ඇත්තම හේතුව මෙන්න



යමෙකු Selfie ඡායාරූපයකට පෙනී සිටිනු ඔබ දුටුවහොත් ඔබට හිතෙන්නේ මොනවද ? ඔහු Narcissist පුද්ගලයෙකු විදියට ඔබට හැගෙනවද ?

නමුත් නව අධ්‍යයනයකින් පෙනී යන්නේ මෙය සැමවිටම එසේ නොවන බවයි.

ඒ වෙනුවට, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකර තිබෙනවා.

එහිදී ඔවුන් සොයාගෙන ඇත්තේ Selfie ඡායාරූප පුද්ගලයින්ගේ ජීවිත වල සමහර අවස්ථා වලදී ඒ සඳහා ගැඹුරු අර්ථයක් ලබාදීමට උපකාරී වී ඇති බවයි.

15 Selfie Poses for Girls & Boys + How to take the BEST Selfie

එයට හේතුව වන්නේ මෙම ඡායාරූපය, ඡායාරූපය සඳහා පෙනී සිටින තැනැත්තාගේ දෘෂ්ටිකෝණයෙන් ගැනීම බවද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව මේ හරහා ඡායාරූපට පෙනී සිටින පුද්ගලයා සිය අතීත අත්දැකීම් සමඟ නැවත සම්බන්ධ වෙමින් ස්වයං මෙනෙහි කිරීමක් සිදු කරන බවද ඔවුන්ගේ පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

පරීක්ෂකයින් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ, මතකය ලේඛන ගත කිරීමකට සමාන අත්දැකීමක් මින් ලැබෙන බවයි.

Ohio State විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය පියවර 6ක් යටතේ සිදු කර ඇති අතර පුද්ගලයින් 2,113 දෙනෙකුගේ අත්දැකීම් පිළිබඳව අධ්‍යනය කර තිබෙනවා.



(Vimarshana Samarakoon @ COLOMBO TIMES)