ඊශ්‍රායලය විසින් සිදු කරන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත අද (09) අලුයම රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළා.
ඒ ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින්.
'අපේ රටට සහ අපේ ජනතාවට එරෙහිව එල්ල වන ඊශ්‍රායල- ඇමරිකානු ආක්‍රමණ නතර වන තුරු මෙම ප්‍රතිචාර දැක්වීම් දිගටම ක්‍රියාත්මක වනු ඇත' යනුවෙන් එම ටෙලිග්‍රෑම් පණිවිඩයේ සඳහන් වනවා.
ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ සිට එල්ල කරන ලද එක් රොකට් ප්‍රහාරයක් ගුවනේදීම විනාශ කර දැමීමට සමත් වූ බවයි.
(colombotimes.lk)
