මෙරටට එළවළු හා පළතුරු ආනයනය සඳහා රුපියල් කෝටි 13,000කට ආසන්න ප්‍රමාණයක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවල සඳහන් වනවා.
එම වසරේ වැඩිම ආනයන වියදම දරා ඇත්තේ පිරිපහදු කළ ඉන්ධන සහ බොරතෙල් ආනයනය සඳහයි.
ඒ අනුව එම මුදල රුපියල් කෝටි 153,000කට අධික මුදලක් බවයි වාර්තා වන්නේ.
මේ අතර 2023 වසරේදී එළවළු ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 11,658ක්.
එමෙන්ම පසුගිය වසරේදී පළතුරු මෙරටට ආනයනය සඳහා රුපියල් කෝටි 1,308ක මුදලක් වැය කර ඇති අතර සීනි සහ රස කැවිලි වර්ග ආනයනයට වැය කර ඇති මුදල් රුපියල් කෝටි 14,255ක්.