22 May 2026

logo

උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්



උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු - මැද, වයඹ,බස්නාහිර, සබරගමුව දකුණු සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකි බවයි.

(colombotimes.lk)