19 January 2025


ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ කටයුතු අරඹයි



ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ කටයුතු ආරම්භ කළ බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න කියා සිටියේ මෙරට ජීවත්වන පුද්ගලයන්ගේ පරිභෝජන රටාව එහිදී අධ්‍යනය කරන බවයි.

දිවයින පුරා ගෘහ ඒකක 25,000ක නියැදියක් එම සමීක්ෂණයේදී අවරණය කරන බවද ඇය ප්‍රකාශ කළා.

(colombotimes.lk)