01 May 2026

logo

ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි - ශ්‍රී ලංකාවේ පසුබැසීමක්



නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 07වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

මීට පෙර ඔවුන් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 06වන ස්ථානයේ රැඳී සිටියා.

මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම 03වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ සමඟින් මෙහි 03වන ස්ථානය හිමි කරගෙන සිටි එංගලන්ත කණ්ඩායම 04වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි වාර්තා වන්නේ.



(COLOMBOTIMES.LK)