19 May 2026

logo

IPL අදින් ඇරඹෙයි



ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ තරගාවලිය අද සිට ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලියේ සමාරම්භක තරගය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

බැංගලෝර්හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ පැවති තරගාවලිය ජයග්‍රහණය කරමින් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම මේ වන විට IPL ශූරයන් බවට පත්ව සිටිනවා

(colombotimes.lk)