03 June 2025


ISAC 2025 අති සාර්ථකව ක්‍රියාත්මක වෙයි



ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රමුඛ පෙළේ නිවේදක තරගාවලිය වන ISAC 2025 අද (01) උදෑසන 8.30ට ආරම්භ වුණා.

ඒ කොළඹ ආනන්ද විද්‍යාලයීය පරිශ්‍රයේදීයි.  

අද උදෑසන පටන් තරග අංශ ගණනාවක් ඔස්සේ මෙම නිවේදනය තරගාවලිය ක්‍රියාත්මක වුණා.

මේ වන විට එහි අවසන් අදිරයට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ නන්දෙසින් දරු දැරියන් රැසක් පැමිණ සිටියා.

ගුණාත්මක සහ දක්ෂතාවලින් පිරිපුන් මාධ්‍ය අංකුර බිහිකරන මෙම ISAC තරගාවලිය සඳහා මෙවර නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ Colombo Times මාධ්‍ය ජාලයයි.



(colombotimes.lk)