14 May 2025


Ibrahimovic පාපන්දු දිවියට සමුදෙයි



ස්වීඩන් ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වන Zlatan Ibrahimovic (ස්ලටන් ඉබ්‍රහිමෝවිච්) පාපන්දු දිවියට සමුදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 

“ඉබ්‍රා” යන සුරතල් නාමයෙන්ද හඳුන්වන ඔහු 41 හැවිරිදි වියේ පසු වනවා. 
 
AC මිලාන්, ඉන්ටර් මිලාන්, පැරිස් සෙන්ට් ජර්මේන්, මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි කණ්ඩායම් සමඟින් ලීග් ශූරතා දිනා ඇති ඔහු පාපන්දු ලොවේ දැවැන්තයෙකු ලෙස හැඳින්වෙනවා. 
 
අයැක්ස්, බාසිලෝනා කණ්ඩායම් ද නියෝජනය කළ ඉබ්‍රා ස්වීඩනය වෙනුවෙන් ජාත්‍යන්තර ගෝල 62ක් වාර්තා කළා. 
 
එමෙන්ම ලොව ප්‍රමුඛතම පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කළ ඔහු ගෝල 511ක හිමිකරුවෙක් වනවා.
(colombotimes.lk)