19 April 2025


අවුරුදු සමයේ අනවසර මත්පැන් වැටලීම් දහස ඉක්මවයි



සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයන් 1,320දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් මස 03වනදා සිට ඊයේ (12) දිනය දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.  

එම වැටලීම්වලදී සුරාබදු විධි විධාන කඩකරමින් මත්පැන් වෙළෙඳාමේ යෙදී සිටී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 03කට මුද්‍රා තැබීමටද සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

(colomboptimes.lk)