15 November 2025

logo

සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ තද වැසි



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. 

අකුණු අනතුරු අවම කරගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි. 


(colombotimes.lk)