03 June 2025


ආනයනික පළමු පොල් කිරි තොගය රසායනාගාර පරික්ෂාවට



පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම හා ඒ තුළින් දේශීය පොල් මිල පහත හෙළිමේ අරමුණින් ආනයනය කළ පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර තිබෙනවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ මෙම තොගය 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන වන ශීත කළ පොල් මද, පොල් කිරි හෝ පිටි, කොප්පරා නොවන ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය මෙය බවයි.

(colombotimes.lk)