18 March 2025


ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළඳ ගිවිසුමකට සූදානම් වෙයි



ඉන්දියාව සහ නවසීලන්තය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (17) නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් සමඟ පැවති සාකච්ඡාවලින් පසුව
මේ බව සඳහන් කළ බවයි.

මෙම ගිවිසුම 2025 වර්ෂය අවසන් වන විට අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නිලධාරිවරයෙක් පවසා තිබෙනවා.

(colombotimes.lk)