11 May 2025


ජනගහනය වැඩිවීම නිසා ඉන්දියාවට අවාසියක්



පසුගිය මාසයේදී ඉන්දියාව, චීනය අභිබවා යමින් ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රට බවට පත්වුණා.

ජනගහනය වැඩි වුවද ඊට සාපේක්ෂව රට තුළ සිටින ශ්‍රම බලකාය තවමත් පහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එයට හේතුව වන්නේ ඉන්දියානු කාන්තාවන්ගෙන් බහුතරය රැකියා සඳහා යොමු නොවීමයි.

රැකියා වල නිරතව සිටින බොහෝ කාන්තාවන් පවා විවාහ වීම සහ දරුවන් ලැබීම වැනි කරුණු මත රැකියා අත හැර යාම මෙම තත්ත්වය ඇතිවීමට තවත් හේතුවන් වනවා. 

ලෝක බැංකුව මඟින් නිකුත් කර ඇති වාර්තාවට අනුව, 2000 වර්ෂයේදී ඉන්දියානු කාන්තා ශ්‍රම බලකාය 31%ක් වුවත් එය 2018 වන විට 21% දක්වා අඩුවී තිබෙනවා.
(colombotimes.lk)