කුණු අප්‍රිකාවට එරෙහිව පැවති 2වන T20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත්වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස් කළා.
කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකි වුණේ පන්දුවාර 16.1කදී සියලුදෙනා දැවී ලකුණු 158ක් පමණයි.
එංගලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව ICC පූර්ණ සාමාජික රටක් ජාත්‍යන්තර T20 පිටියේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා වන්නේ.
මීට පෙර එම වාර්තාව ඉන්දියාව සතුවුණා.
මෙහිදී එංගලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත්කළ ෆිල් සෝල්ට් පන්දු 60කින් නොදැවී ලකුණු 141ක් රැස් කළා.
එය එංගලන්ත පිතිකරුවෙක් T20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
(COLOMBOTIMES.LK)