ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ මගී ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් ඇතුළුව දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 230 දෙනෙකු මියගොස් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කොල්කටා සිට චෙන්නායි බලා ධාවනය වූ Coromandel Express මගී දුම්රිය පීලි පැනීමකට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී තිබෙනවා.
පීලි පැනීමකට ලක් වූ කොරොමැන්ඩල් සීඝ්‍රගාමී දුම්රිය මැදිරි වෙනත් මාර්ගයකට වැටී තිබූ අතර පසුව යෂ්වන්ත්පූර්-හවුරා සුපර්ෆාස්ට් දුම්රියේ ගැටී තිබෙනවා.
දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ සේවකයින් රාත්‍රිය පුරා වෙහෙස මහන්සි වී වැඩ කළ අතර ගිලන්රථ 130 කට වැඩි ප්‍රමාණයක් සහ බස් රථ ගණනාවක් තුවාලකරුවන් රෝහල් වෙත ගෙන ගියා.
එරට රජය විසින් ගැනීමේ සේවකයන් සිය ගණනක් සහ වෛද්‍යවරුන් 120ක් එම ප්‍රදේශයට යොමුකර තිබෙනවා.
කොල්කටා අසල ෂාලිමාර් දුම්රිය ස්ථානයේ සිට චෙන්නායි මධ්‍යම දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය වෙමින් තිබියදී බහානාගා බසාර් දුම්රිය ස්ථානය අසලදී රාත්‍රී 7.20 ට මෙම අනතුර සිදුවී තිබුණා.
(colombotimes.lk)