04 July 2025

logo

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා අත්අඩංගුවට



කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි. 

එම කාර්යාල පරිශ්‍රයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ අනුව සැකකරුවන් කදුරුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.  

(colombotimes.lk)