එළඹෙන 07වනදා පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා විදුලිය අත්හිටුන බැවින් පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම් අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)