ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් අද (04) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදීයි.
පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්වී තිබෙනවා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිස හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)