මෙරටදී මහා පරිමාණ මුදල් වංචා සිදු කර ඉන්දියාවට පළාගොස් සිටි සැකකරුවන් තිදෙනෙක් යළි දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)