03 February 2026

logo

බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්



බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය එම පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝර්බින් සමඟ එක්ව නව පක්ෂයක් ආරම්භ කිරීමට නියමිත බවයි. 

එරට දරුවන් දෙදෙනෙක්ගේ ප්‍රතිලාභ සීමාව ඉවත් කිරීමට සහාය දැක්වීම නිසා ඇයව පසුගිය වසරේදී කම්කරු පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අනෙකුත් ස්වාධීන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් සමඟ එක්ව නව පක්ෂයක් පිහිටුවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා ප්‍රකාශ කළ බවයි. 

(colombotimes.lk)