වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී අද (26) අලුයම මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඕමන්ත පොලීසිය සඳහන් කළේ එම අනතුරින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ 52 හැවිරිදි නිලධාරියෙක් මිය ගොස් ඇති බවයි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ ඔහු ගමන් ගත් මෝටර් රථය යාපනය සිට ඕමන්ත දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
(colombotimes.lk)