13 May 2025


සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි



සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (12) ජාතිය අමතා තිබෙනවා.

ඔහු එහිදී අවධාරණය කළේ ජීවිත 26ක් බිලිගත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදු කළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්තියක් වන බවයි.

පාකිස්ථානයට එල්ල කරන ප්‍රහාර අවසන් වී නැති බව සහ එම ප්‍රහාර අත්හිටුවා ඇත්තේ පාකිස්ථානය ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව පමණක් බව ද අගමැතිවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව පාකිස්ථානයේ ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කර ඒ අනුව ක්‍රියා කරන බවයි.

(colombotimes.lk)