17 September 2025

logo

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය මෙරටට හඳුන්වා දෙයි



ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI ක්‍රමවේදය අද (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

මෙම ක්‍රමවේදය ඉන්දියානු ජාතික ගෙවීමේ සංස්ථාව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමවේදයක් බව සඳහන්.

මේ යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව හිමි වනවා.

මෙය ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි ක්‍රමවේදයක් බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)