21 February 2025


පාකිස්ථානයේ උද්ධමනය ඉහළට



පාකිස්ථානයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩවට පත්වී සිටින බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාමසාන් මාසය ළඟාවෙද්දී මෙලෙස උද්ධමනය ඉහළයාමකට මුහුණදී ඇති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාමත් සමඟ සාමාන්‍ය ජනතාවට රාමසාන් සැමරීම වඩාත් දුෂ්කර වී තිබෙනවා.

පාකිස්තාථාන වැසියන් සඳහන් කළේ රාමසාන් සමය එළැඹීමට පෙර ලොව පුරා ආහාර ද්‍රව්‍යවල මිල සාමාන්‍යයෙන් අඩු වුවද පාකිස්ථානය අත්විඳින්නේ ඊට ප්‍රතිවිරුද්ධ වෙනසක් බවයි.

(colombotimes.lk)