ව්‍යාජ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට උකස් කර මුදල් වංචා කළ සැකකරුවෙක් ග්‍රෑම් 08ක් බරැති ව්‍යාජ කාන්තා රන් මුදුවක් සහ උකස් මධ්‍යස්ථාන කිහිපයකට ව්‍යාජ රන් භාණ්ඩ අලෙවි කර මුදල් ලබාගත් රිසිට්පත් කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රක්වාන පොලීසිය විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ ව්‍යාජ රන් භාණ්ඩ සැකකරු විසින් මීගමුව කුරණ ප්‍රදේශයේ පුද්ගලයෙක්ගෙන් ලබාගෙන ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
(colombotimes.lk)
