ඉරානය සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් 9දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට බහරේනය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමඟ එක්ව බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ලයින් 9දෙනාට චෝදනා එල්ල වී ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරුව පසුගිය මාර්තු මාසයේදී අදාළ පුද්ගලයන් බහරේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් බහරේනය තුළ පිහිටා ඇති ඇමරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ඡායාරූප ඇතුළු අධි සංවේදී තොරතුරු ඉරානය වෙත සපයා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)
