26 May 2026

logo

දකුණු ඉරානයට ඇමරිකාවෙන් ප්‍රහාර මාලාවක්



දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් ඇමරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාර මාලාව ඉරාන හමුදා විසින් එල්ල කරන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් දියත් කළ බවයි. 

කෙසේ වෙතත් දැනට පවතින සටන් විරාමය පිළිබඳව ඇමරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කළා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව විසින් එල්ල කරන ප්‍රහාර සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඉදිරියේදී සාම ගිවිසුමට කුමන බලපෑමක් එල්ල වනු ඇත්දැයි පැහැදිලි නොමැති බවයි. 

(colombotimes.lk)