ව්‍යාජ ලෙස පොලිස්පතිවරයාගේ නම භාවිත කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ විද්‍යුත් ජාලයක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පොලිස් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිත කරමින් යවන ලද විද්‍යුත් තැපෑල ජාලයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම එම ක්‍රියාකාරකම් හරහා පොලීසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන බැවින් එවැනි විද්‍යුත් තැපැල්වලට පිළිතුරු සැපයීම හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් වළකින ලෙසද පොලීසිය දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)
