24 October 2025

logo

අපරාධකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඇරඹෙයි



සංවිධානාත්මක අපරාධකරුවන් 30කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. 

පොලීසිය සඳහන් කළේ මේ වන විට විටත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් දේපළ කිහිපයක් හඳුනාගෙන ඇති බවයි. 

රුපියල් කෝටි 05ක් වටිනා ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ පිහිටි පර්චස් 28ක් ඒ අනුව පසුගියදා ක්‍රියා විරහිත කර තිබෙනවා. 

ලොකු පැටී නැමති අපරාධකරුට අයත් නීති විරෝධී දේපළ කිහිපයක්ද මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)