කොළඹ වරාය, අදානි පර්යන්තයේ ජැටිය ආසන්න මුහුදේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර එම මෘත ශරීරය නරක් වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති බවයි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
(colombotimes.lk)
