පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනා ක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7දෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශනයකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙණිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
