24 October 2025

logo

ඉෂාරට පළා යාමට උදව් කළ 04ක් රිමාන්ඩ්



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට පළා යාමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ නොවැම්බර් මස 07වනදා දක්වායි. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද එහිදී නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහිදී බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

(colombotimes.lk)