01 July 2025

logo

පාර්ලිමේන්තු මැතිවරණයට රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා



පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන් එම නිරීක්ෂකයන් මෙරටට පැමිණෙන බවයි.

මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන්ද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන්ද මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණීමට නියමිතයි.

(colombotimes.lk)